Saturday, November 12, 2011

හංසයා




එකමත් එක කාලෙක එහෙමත්  නැත්නම් ඊට පස්සෙ කාලෙක... ඒ කියන්නෙ පෘථිවියෙ රස පොළව වේලිලා, බදාලතා කියන වැල් වර්ගයත් වඳ වෙලා, සුවද ඇල් හාල් පොළෝ තලයෙන් සමු අරන් කොටින්ම රස තෘෂ්ණාව ඇති වෙලා ගොඩක් කලකට පස්සෙ, ලස්සන විල් තෙරක හංසයෙක් ජීවත් උනා. දැනෙන හුදකලාව තනිකම නිසා හංසයා  තමන්ගේ හදවතේ රැදිල තිබුණ ආදරය, මිතුරුකම බෙදා ගන්න තීරණය කලා... 

හංසියක්, ඔව් හදිස්සියේම විලට පියාඹල ආව හංසියක්. කතාව දුක්බර විදියට ඉවර උනා.. ඇය වෙනත් විලක් හොයාගෙන පියාඹල ගියා.. ආදරේ කියන්නෙ හැම දෙයක්ම නෙවෙයි.... අර දිදුලන හැගීම... කාටවත් නොවටින ඒ  හැගීම් කැටි කරගත්ත හදවත..... ඔව්....හංසයා තමන්ගෙ හදවත ගලවලා විලේ ගැඹුරු පතුලට වීසි කලා....කවුරුහරි කවදහරි හොයාගනී කියන අදහසින්.

නිල්වන් පැහැදිලි ජල තලය යටට හදවත කිදා බැස්සා.  සුදු පාට පටලයක් හංසයාගේ ඇස් වහල දැම්මා.. ඉර හද තරු නිවුනා... තද කළුවරක් පැතිරුනා... පෘථිවියෙ තමන් වටේ කැරකුනා ඒ ගමන් ඉර වටේ කැරකුනා... ඉර චක්‍රාවාටය වටේ කැරකුනා... චක්‍රාවාටය මන්දාකිනි වටේ කැරකුනා...සමස්ථ විශ්වයම නියමිත වේගයෙන් තමන්ගෙ ගමන ගියා. ඒත් හංසයා ශරීරයෙන් මැරුනේ නැහැ... එයා ශරීර ප්‍රමානයෙන් ටිකෙන් ටික විශාල උනා, අව්වට වැස්සට ඔරොත්තු දෙන්න පුලුවන් උනා.. ඒත් කවදාවත් තනියෙන් දියමත පාවෙන්න පුලුවන් උනේ නෑ... එක්කෙනෙක් හෝ දෙන්නෙක් පැදගෙන යන හංස බෝට්ටුව ඇති උනේ ඔන්න ඔය විදියට.

විල අයිනෙ පාරවල්, අහස උසට ගොඩනැගිලි ඇති උනා, කුණු කානු වලින් ගලාගෙන එන වතුරෙන් ටිකෙන් ටික විල පතුලෙ පැහැදිලිව පේන්න තිබුණ දේ වැහිල ගියා... මිනිස්සුන්ගෙ නියම සතුට හා ආදරය සල්ලි වලට, බලයට, වැඩ අධික කම වගේ නොයෙක් දේවල් වලට යට වෙලා ගියා..

සතුට, යාලුකම, ආදරය, නිදහස, විවේකය හොයාගෙන එන පෙම්වතුන්ට, දෙමාපියන්ට, යාළු මිත්‍රයන්ට හංස බෝට්ටුවක නැගල කොලපාට වතුර තියෙන විලේ  ඒ මේ අත යන්නත් ලෝකය දීල තිබුනෙ සීමා සහිත කාලයක් විතරයි. ඒ ටික වෙලාවෙත්  මිනිස්සු දිය යට හැංගුන දේ මතු තරගන්න උත්සාහ කරපු බවක් දකින්න තිබුනෙ නෑ.. සමහර විට එයාල දැනගෙන නො ඉන්නත් ඇති...

11 comments:

  1. hey great one!!

    ReplyDelete
  2. hmmmmm.... hansa bottu... amathaka nowana mathakayan...

    ReplyDelete
  3. විලේ ඒ මේ අත යන්නත් ලෝකය දීල තිබුනෙ සීමා සහිත කාලයක්...

    ReplyDelete
  4. හිතුමතේ මේ පලාතට ගොඩ වැදුන මුල්ම වතාව... ඇත්තටම කථාව ඇත්ත වෙන්න ඇති.. කවදාවත් ඔය හිත හොයාගන්න බැරි වෙනවාද එතකොට

    ReplyDelete
  5. “මිනිස්සුන්ගෙ නියම සතුට හා ආදරය සල්ලි වලට, බලයට, වැඩ අධික කම වගේ නොයෙක් දේවල් වලට යට වෙලා ගියා..“
    අනිවා සිරාම කතාවක්

    ReplyDelete
  6. සහතික ඇත්ත ...........

    ReplyDelete
  7. අදාළ කෙනා කවදම හරි හොයාගනීවි මට හිතෙන විදියට... ගොතාපු දුක්බර ඇත්තක්ද කියලත් බයයි මට... :(

    ReplyDelete
  8. හ්ම්ම් ලස්සන කතාවක් ..

    ReplyDelete
  9. @ Anonymous : thanks...
    @ නිපුන.ඩී.කේ , හිතුමතේ ,කසුන් ,The Lion, තනෝජා රාජපක්‍ෂ, Gimhani : ස්තූතියි කමෙන්ට් වලට...

    ReplyDelete
  10. mee man koheda blog ekaka dekka oyagei,dush(aadaraya dukak)akkagei patalevillak vuna kiyala..book fare balanna gihin.. eyada hansayo me hansi.

    hik hik vihiluvata livve. ganan ganna epa!

    ReplyDelete